Posts

Showing posts from September, 2010

පාඩමක් ඇත තව, පොත පතේ ලියන්නට බැරි වුන

Image
මකා හසරැල් තිර පට   නැඟිනි වෛරය ඈ නෙත   කරයි ඇය අභියෝග   වසන්නට සත්‍යය.   අදහන්නට බැරි ය...   මේ මා දුටු ඇයම වග.
  බිනූ දහසක් නොවදන්   නොතරම් ය මටසිලිටි නුඹ හට   හදින් ගලනා ලෝදිය   නොතරම් ය මටසිලිටි නුඹ හට   තනමි වටහා ගන්නට   රැඳුණු සත්‍යය ඒ තුල....   ඇති බොහෝ ඇසූ පිරූ තැන්   කියවූ පොත් නොහැර එකක්   මිනිසුන් බොහොමයක් නුඹ වන්   දැක පුංචි පඳුරක්   මහමග පසෙක ඇති   මවා ගෙන මහ ගසක්   සිතා අහුරාවි යැයි මඟ   වනසනු සිතා එය   හැපි හැපි හඬයි ඒ මත...
  පුංචිම කුහුඹුවා   දැක එය   සිනාසී පිළිගෙන   යයි ඒ පඳුර මඟහැර   උගෙ ගමන...
  එන්න එක දවසක්   අපි යමු අතහැර දමා

නුඹ ලඟ ඉමි...ඔහු පරදමි...

Image
තාමත් තරුණ හිත යට හිමින් ගොණු කර තියා හසරැල්ලක පහස නුඹ යයි.... පුතු අතින් එල්ලාගෙන නෙතු අග කඳුළු පිස පිස.
දල්වාගෙන පහන බලා ඉඳ ඇඳ ලඟ ගොම්මන් කරුවල ගෙන හැමදාම නුඹ යයි නොහලා එකම කඳුලක් මට පෙනෙන්නට..   හැමදාම නුඹ ලඟ ගොළුයි මම   කියා ගන්නට බැරිව   තුන් මසකින්....   තිස් වසරකට ගොණු කල   මගේ කවි...
  හිස යට   වැඩෙන මස් දලු   තෙරපන විට නහර   ගෙන දී වේදනා..   නුඹ වුවණ පුතු මදහස   නිවයි ඒ සැම සැනකින්
  සසර මඟ වල් වැද   සිටි මට   නුඹ දෙපල මිස   කවුරුන්ද   පෙන්වූයේ පහන් ටැඹ
  හැමදාම හවසට   නුඹ ගිය පසු   ඇවිදින් ඇඳ ලඟට   ඔහු මට කතා කරයි   යන්න...   දුක් ගිණි නැති ලොවකට
  කෙසේ නම් යන්නද..   දුක් ගිණි නැති ලොවකට   දී ගින්දර   හෙට උදේ ඇඳ ලඟට එන   නුඹ දෙපලට...
  නැත හඬන්නට කාරණ   හෙටත් ඉමි මම ඇඳ ලඟ   බලාගෙන නුඹ එනතුරු   පරදවා ඔහු...

පුතු.......

Image
අහස උසට නැගුන පැතුම් එකින් එකට බිඳෙන කලට දින දින දෙපසට යන අප එකට තබා බඳින රැහැන

වෙසඟන....

Image
මතකය අතර සිරවී....   එබෙයි යළි යළි - පතුලටම සිත....
  පොලවේ ගසා - පොඩිකර   කුනු ගොඩට - විසිකර   තැබූවෙමි ගිණි කූරක්   නිම කරන්නට - මේ කරුමය...   අනේ ආයෙත් ඇවිදින්...   මගේ යහනට - නිදන බිරිඳට නොපෙනී   අත ගායි හිස....   එක දවසක වෙනසකට   අතිනුත් මුදල් දී   සින්නක්කරම   ගත් හැටි   මම මේ දවන මතකය....