නුඹ ලඟ ඉමි...ඔහු පරදමි...


තාමත් තරුණ හිත යට
හිමින් ගොණු කර තියා
හසරැල්ලක පහස
නුඹ යයි.... පුතු අතින් එල්ලාගෙන
නෙතු අග කඳුළු පිස පිස.

දල්වාගෙන පහන
බලා ඉඳ ඇඳ ලඟ
ගොම්මන් කරුවල ගෙන
හැමදාම නුඹ යයි
නොහලා එකම කඳුලක්
මට පෙනෙන්නට..
  හැමදාම නුඹ ලඟ ගොළුයි මම
  කියා ගන්නට බැරිව
  තුන් මසකින්....
  තිස් වසරකට ගොණු කල
  මගේ කවි...

  හිස යට
  වැඩෙන මස් දලු
  තෙරපන විට නහර
  ගෙන දී වේදනා..
  නුඹ වුවණ පුතු මදහස
  නිවයි ඒ සැම සැනකින්

  සසර මඟ වල් වැද
  සිටි මට
  නුඹ දෙපල මිස
  කවුරුන්ද
  පෙන්වූයේ පහන් ටැඹ

  හැමදාම හවසට
  නුඹ ගිය පසු
  ඇවිදින් ඇඳ ලඟට
  ඔහු මට කතා කරයි
  යන්න...
  දුක් ගිණි නැති ලොවකට

  කෙසේ නම් යන්නද..
  දුක් ගිණි නැති ලොවකට
  දී ගින්දර
  හෙට උදේ ඇඳ ලඟට එන
  නුඹ දෙපලට...

  නැත හඬන්නට කාරණ
  හෙටත් ඉමි මම ඇඳ ලඟ
  බලාගෙන නුඹ එනතුරු
  පරදවා ඔහු...

Comments

Popular posts from this blog

දුර ගිය නුඹ...

ආපසු හැරී බැලූවෙමි මම....