ඩා බිඳු නැඟෙන ගත වෙහෙසන හිමිදිරියේ
හිනැහෙන අත වනන නුපුරුදු නෙතු අතරේ
දහසක් ප්‍රශ්න පුරවාගෙන හිත් පොඩියේ
ඔරවන් බිම බලන් ඇවිදින හිතවතියේ
හිමිගෙන් කරදරද හිත රිදවාගෙනද
දරුවන් නිසා ඔළුවට නිවනක් නැතිද
නැතිනම් ලෙඩ දුකක් හින්දා තැවුලෙන්ද
තවමත් තනිකඩ ද තනිකම රිදවා ද
සීනියි ප්‍රෙශර් තව ලෙඩ කොතෙකුත් එක්ක
ප්‍රශ්න පුරෝගෙන ඔළු වල පොර බැද්ද
පැයකට දෙකට මග හැර ඒ දුක් කන්ද
හවසට බාර් වල කොපමණ උන් වෙත්ද
මිහිදුම් සළු ඔතන හිරු රැස් සිපගන්න
දොල ලඟ මුමුනනා කවියට කන් දෙන්න
මට හෙට උදෙත් ඇවිදින්නට දිරි දෙන්න
මිහිරිය දුක දරන් සැරයක් හිනැහෙන්න
- සුදාර මුතුහෙට්ටි (2024.03)