පරණ මල
ලස්සන මල් ගැනම නිතරම කවි ලියපු
අත්තෙන් අත්ත පැන මල් වල සුව විඳපු
තිත්තම මලක තුඩ පැටලී තටු සිඳුණු
සෙල්ලක්කාර බමරෙකි මම නුඹ හැඳිණූ
ලස්සන මල් පිපුණු මහවැලි ගං ඉවුරේ
හන්තානේ හැපී හිරු මිය ගිය අඳුරේ
පෙති විහිදුවාගෙන මා ලඟ උන් මිහිරේ
අද නුඹ දුටුව විට හඳුනන්නද කෙලෙසේ
අතකින් එල්ලගෙන පොඩි පුතු කටු ගැසුණ
පසෙකින් හිමි සඳය සසරේ දුක කියන
අහසේ සරුන්ගලයකි අතකින් මිදුණ
දුහුවිලි තට්ට්ටු යට හුරු සුවඳම රැඳුණ
රෑ තරු කැට අතර රැඳි මල් සුවඳ මරා
රුව ගුණ දොවා ගෙන එය පොඩි පුතුට පොවා
මම සුව විඳි යහන මත පොඩි පුතුව හොවා
තව පරපුරක් වෙනුවෙන් නුඹ දියව ගියා
කෙළිලොල් වියේ සරසවියේ වීදි දිගේ
තහනම් ගසේ ගෙඩි කෑ මුත් රසට රසේ
මරණ තුනක් මැද නොමැරී මැරෙන මඟේ
අත ලෙව කන්ටවත් දඬු බෑ මොටද නගේ
ලස්සනයි, ඇත්තම අත්දැකීමක්ද
ReplyDeleteසිදි බිදි ගල් පර අතරෙ සිනා සිසී සුදු පෙන පොකුරෙ...
ReplyDeleteසොබා සොඳුරු සිරි මෙලොවෙ ...
ඔබෙ ඇසිනි මා දුටුවෙ...
ගිම්හානයෙ ගිලන්ව කෘශ වී
ඇදි ඇදි ගිය ගඟ දැන් නැවත පිරි පුන්ය...
කටුපොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස...
ජිවිතය එහෙම තමයි. අද එකතැනක.. හෙට තවත් තැනක..
ආදරයයි .. විරහාවයි කාසියක දෙපැත්ත වැනිය..
කමක් නැහැ සහො.. ජිවිතය විදින්න ..
ලස්සන කවි පංතියක් .. අත්දැකිමක් නැත්තම් මෙහෙම ලියන්න බැහැ..