Friday, June 4, 2010

නික්මීම...



















ඉතින් දොර හරින්න
එපා නුඹ හඬන්න
යළි දිනක හමුවන්න
එක් වරක් පතන්න

රට රකිනු පිණිස යන
සෙබලකුදු නොවේ මම
පුතුට සුබ හෙටට මං
තනන්නකු නොවේ මම
නුඹට රන් රුවන් මිණි
ගෙනෙන්නෙක් නොවේ මම

වරක් ගිලිහී බිඳුණු
අතීතේ මතක මැද
කරක් අඳුරේ ගිලී
වසන්තය නුදුටු මට
මෙතෙක් දුර ගෙවන්නට
පහන් සර වූ නුඹට
ඉතින් පිටුපා යන්න
සොඳුර අවසර දෙන්න

දිනක මිනිසකු විලස
දෙපා ඔසවා බිමේ
නුඹගෙ සිහිනය සිතට
බරක් නොමවන දිනේ
තැලෙන පොඩිවෙන මසිත
තලා විසිකර එමී
එදින නුඹ හමු වුනොත්
එවන් සතුටක් නොවේ