තරඟයට වැද....ගිණි ගැණුනු බිමගිමන් බිඳකුදුනොලද්දෙමි මම....ඇඟිලි අතරින්සෙමින් ගිලිහී..බිමට වැටෙනාබොහෝ දෑ මැදනුඹත් මාගෙන්මිදී ගොස් වගමෙතක් වනතුරුනොදුටුවෙමි මම....හෙටත් ආයෙත්පායන්න සඳ....මටත් බිඳුවක්සිනා අරගෙන....මග වැටී බිමමියෙන්නට යනපුංචි කුමුද්දඅහුලගමි මම....
Wednesday, December 5, 2018
ආපසු හැරී බැලූවෙමි මම....
Saturday, August 25, 2018
අසම්මත පෙම
අසම්මත වෙන්න ඇති
සම්මතය බිඳ දමාපටලවා ගත් නිසා අපේ අත්.....
ඒ වුනත්...සම්මතය රැකගන්නබිඳගත්තෙකවුරුන් දසෙනේ සිත්.....
Wednesday, May 16, 2018
සමුගැන්ම.....

සාර සියක් ගව් දුර අහස දිදුලනනීල තරු එළිය නුඹ සිතට කොඳුරනදෑල දෙකෙලවර හිස් අහස එක් කළඈත මිරිඟුවද ප්‍රේමය දළුලනබාල වදන් විස කටු ඇනී වණ වුනපාළු සිත රිදෙන තැන් සොයා සනසනවාරු දී සිතට ජීවිතය පවසනනීල නෙත් හඬන රැයකටද ඇරයුමපාළු මකන්නට ඉඩ තබා ඇඳුරටඈත හිරු ගිලෙන විට ගාලු මුවදොරහීන පැතුම් පුරවා හදේ ඉකිලනප්රේමය කිමද ඵල හිත යටම ගොලුවුනහාදු තබා පැතුමක ඉරුණු කෙලවරදෑස පිරුණු කඳුළු බිංදු සඟවානයළිදු හමුනොවන වග හොඳින් දැන දැනකෙලෙස සමුගමිද සිත තබා නුඹ ළඟ
Tuesday, March 10, 2015
මිරිඟු පෙම
සිත් පිල්කඩ ඔබ නැවතීසිනාසෙයි දොඩමළු වෙයි.ඔබ එනතුරුදොරගුළු හැරපිල් දොර ලඟබලා සිටි සිතට දැන් වෙහෙසයි.ඇත්තමයිමට තිබුණෙඔබ ඇවිත් තට්ටු කරනා තුරුමදොර නෑර ඉඳින්නයි.
Monday, September 3, 2012
ගොවි පුතාගේ අඬහැරය
ජාතියේ මහා රජුදෙපා මුල දණ හොවාගොවි පුතා ඉකි ගසා වැලපුනා.මදුරු මැසි කැල වැදීඋලා කෑ වසන්නේකැබැලි පෙන්නමින් ඔහු වැලපුනා.ණය දුන්නු උතුමන්ගෙපොලු පහරවල් වැදුනුදෙපා පෙන්වමින් ඔහු වැලපුනා.
රටම සශීකයැයිකට දෙඩූ ඇමතියන්උනුන් මුව බලාගෙන ගොලුවුනා
"ගොවි තැනට යෙදිය උත්තේපුෂ්ටිමත් මිනිසුන්ම පමණක් ය."පුරෝහිත රජු කනටකර හිමින් පැවසුවා."නැති ප්‍රශ්න මවා දෙනවැරදි මත පතුරුවනමූ දේශ ද්‍රොහියෙක්"මුර ඇමති අඩු යමක් එක් කළා
පස්වනක් ප්රීතියෙන්පිනා ගිය රජතුමාසුදුසු කර්මාන්තේ පමණක්ම යෙදෙන්නටගොවි පුතුට අණ කළා.දේශයට ද්‍රෝහි වීවැරදි කර්මාන්තේ යෙදි පවටවිසි වසක් දඟ ගෙටත්යොමු කළා.
Thursday, September 9, 2010
Monday, September 6, 2010
වෙසඟන....
මතකය අතර සිරවී....එබෙයි යළි යළි - පතුලටම සිත....
පොලවේ ගසා - පොඩිකරකුනු ගොඩට - විසිකරතැබූවෙමි ගිණි කූරක්නිම කරන්නට - මේ කරුමය...
අනේ ආයෙත් ඇවිදින්...මගේ යහනට - නිදන බිරිඳට නොපෙනීඅත ගායි හිස....
එක දවසක වෙනසකටඅතිනුත් මුදල් දීසින්නක්කරමගත් හැටිමම මේ දවන මතකය....
Saturday, August 28, 2010
පුවත් කියන්නී....
ගලවා තනපටහිමිහිට....නොදැනී බිරිඳටරහසෙම....සුව දුන් සොඳුරිය...ලොව දහසක් තතුකියවනකඩිසර.....නුඹෙ වදනක්වත් නොඇසෙනරඟ මට...කෝ නුඹ අද...විමසයි නෙත...
රහසකි තවමත්සඟවන බිරිඳට එය.....වෙනදා රස රෑ පුවත්අපුල වූ රඟ...
Monday, August 23, 2010
කූඩුව
ඉස්සර වගෙ ආදරයෙන් කතා නොකෙරුවට
නුඹත් වැරදි කළා තමයි.
මමත් නිවැරදී ම නොවෙයි.
ඒත් ඉතින් හැළුනු කිරට හඬා ඵලක් නෑ.
මමත් නුඹ වගේම තමයි.
හිත පුරවන් මහා පැතුම්
තනා ගත්තෙ මේ කූඩුව.
යන එන කන බොන හැමතැන
හිස තියාන ඒ කූඩුව
මම යන්නේ ගමන් බිමන්
අද බලද්දී ජීවිතයම
මහා බරක්.
අද නුඹ ලඟ තමයි අනූ
ඉස්සෙල්ලම
බිමින් තිබ්බෙ මම ඒ බර.
ඒකයි ලොකු සැහැල්ලුවක්
වගේ දැනුනෙ මගේ සිතට.
ඉස්සර අපි අත් බැඳගෙන
මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලයෙ
වගේ පෙමක් නොදැනුනාට
මට දැනුණා සැහැල්ලුවක්.
ඒ උණාට අද හවසට
මම යන්නේ
හිත පුරවන් තවත් බරක්.
Saturday, August 21, 2010
අවසරයි..!
අවසරයි..!
ඉතින් පියඹා යන්න
තටු ලැබුණු
සමනළයකු විලස.
හැර දමා
හිමි නොමැති
බිදී ගිය
මේ නිවස.
හැර දමා
දුර ඇදෙන
සැම විලස...
තටු රිදුණු
පසු දිනක
වැටී මිය ඇදෙන්නට
මට ඉඩක් තියේවිද
නුඹ අසල...
Subscribe to:
Comments (Atom)






