Thursday, March 25, 2010

සෙබළ යනු යුධ පිටියට














සෙබළ යනු යුධ පිටියට
නසනු රුපු බල වෙනුවට
රජුගෙ රජකම රැකුමට
සෙබළ යනු යුධ පිටියට

බඳිනු මුඛ හඬ දෙන දන
නසනු එයිනුත් බැරි සඳ
රජුගෙ පෙලහර මිස වෙන
කිසිවකුට මෙහි නැත ඉඩ.

සෙබළ යනු යුධ පිටියට
රැගෙන එනු මුර බට සැම
රජුට මිස අන් දන හට
නොමැත තර්ජන මිහිමත

රජු වනසන්න පෙරදින
කළ කුමන්ත්‍රණ එළිවිය
තව බලා නොසිටව
යවව උන් සැම දඟ ගෙට

සෙබළ යනු යුධ පිටියට
හද සාක්කිය නැසුමට
නුඹ පුතුගෙ හිස දන් දී
රජ පරපුරම තැනුමට