Posts

Showing posts from February, 2010

දම් දීපය...

Image
පිරුණු සිර ගෙවල්
තැන තැන විසිර 'තුණු බහන්
රැගෙන අවි අතින් ගොදුරට
ඇදෙන මුර බලුන්....

අඳෝනා නැගේ පුරදොර
පිරුණු අවමඟුල්
අහෝ ! කොතැනටද හෙට අප
ඇදෙනු මේ ලෙසින්...

සිර ගත වීම...

Image
දෙන්න මට අසිපත
සිඳින්නම් මම ගෙල
වැතිර නුඹ හා
ඔහු මත්ව ඇති මොහොතක....
එවිට අපි නිදහස්.....
.
.
.
.
.
නෑ
එවිට ඔහු නිදහස්...
මම සිරගත වෙමි
නුඹ තවෙකකුට දෙන තුරු
ඒ අසිපත...

පරණ පොත

Image
කියවා බලා
සැරයක් දෙකක්
විසිකර දැමූ
පරණම පොතක්....

පිය ගැට පෙලේ
හැපුණා ඇඟේ...
රවමින් බණී
හිමිකරු ඇගේ..

යුධයෙන් දිනූ
විරුවෙක් වගේ
නොදොඩා මුවින්
පිටවන්නෙමී..

හද සිදුර..

Image
බිංදු බිංදු වතුර
වැටෙයි
ටකරමේ සිදුරෙන්
සිතට....
තෙමෙන වග දැන දැන
මම සැදුව සිදුරෙන්
නිකමටමවත් නුඹ
ඇයි එබී නොබැලුවෙ...

අහිමි සඳ

Image
එන්න සඳ අරගෙන
මිදුලට....
අයිති නැති උණාට
නුඹට
මට
එකට සිට
විඳිය හැකි
එකම දුක....
අහිමි සඳ

ජන හඬ ගොළු විය....

Image
ඉර අවරට විය
ජන හඬ ගොළු විය....

සඳ තරු බැඳගෙන
උන් යකු ගොරතර
රවටා දන මන
කළ රඟ මගඩිය...

මහ මග යන එන
කඩ පිල කන බොන
නැගෙනා දන හඬ
නැතිනම් අවසන
වරදක් ඇත එහි
විමසිය යුතු සැම

අතකින් යුක්තිය
අතකින් නීතිය
ගෙන නටනා මේ
උමතු නැටුම් සැම
නිම වෙද කෙදිනක...

ගුගුරා අහසින්
පුපුරා පොලොවින්
එන විට තරහින්
යුක්තිය විසඳන
දෙවියන්....

තව සිය වසරක
ඔටුන්න වෙනුවෙන්
අල්ලස් දෙන්නට
තනයිද රජිඳුන්....