මියැදෙන තරමටමඋපදින සිහින අපමණකඳුලැළි පිස දෙනෙතනවමු හැඟුමන් පුබුදනඅනෙක හැඟුමින් ගැබ්බරඑහැම සිහිනයකමයටි සිත ඉරි තළනරිදුම් දෙන හැඟුමක් විය.අදට වැඩි කළුවරහෙටක තනිකර මගෙ සිතදුරක ගිය රහසෙමසොඳුරු හසරැල්ලකි එයගලපනු නොහැකි කවි පදසකසා පිළිසකර කරමිහිරි කවියක් නිමැවූසොඳුරු වූ ගැහැණිය ඇයඑළිවැට බිඳුණු කවියටතනි රකිණු රිසියෙනතවමත් සොහොන් පාමුලතබා එමි මගෙ සිතපසුදින දකිමිතැළුණු පොඩිවුණු සිතහඬණු කුමටදනුඹේ පා සලකුණු දැක
Monday, January 25, 2010
සිහින...
Wednesday, January 6, 2010
පරණ මල
ලස්සන මල් ගැනම නිතරම කවි ලියපුඅත්තෙන් අත්ත පැන මල් වල සුව විඳපුතිත්තම මලක තුඩ පැටලී තටු සිඳුණුසෙල්ලක්කාර බමරෙකි මම නුඹ හැඳිණූ
ලස්සන මල් පිපුණු මහවැලි ගං ඉවුරේහන්තානේ හැපී හිරු මිය ගිය අඳුරේපෙති විහිදුවාගෙන මා ලඟ උන් මිහිරේඅද නුඹ දුටුව විට හඳුනන්නද කෙලෙසේ
අතකින් එල්ලගෙන පොඩි පුතු කටු ගැසුණපසෙකින් හිමි සඳය සසරේ දුක කියනඅහසේ සරුන්ගලයකි අතකින් මිදුණදුහුවිලි තට්ට්ටු යට හුරු සුවඳම රැඳුණ
රෑ තරු කැට අතර රැඳි මල් සුවඳ මරාරුව ගුණ දොවා ගෙන එය පොඩි පුතුට පොවාමම සුව විඳි යහන මත පොඩි පුතුව හොවාතව පරපුරක් වෙනුවෙන් නුඹ දියව ගියා
කෙළිලොල් වියේ සරසවියේ වීදි දිගේතහනම් ගසේ ගෙඩි කෑ මුත් රසට රසේමරණ තුනක් මැද නොමැරී මැරෙන මඟේඅත ලෙව කන්ටවත් දඬු බෑ මොටද නගේ
Subscribe to:
Posts (Atom)