Thursday, January 30, 2020

විමලේ.......


වැඩ ඇරී ගෙදර ආවම
තේ එකක් ළඟට ගේන්න
හිසරදේ හැදී නිදද්දි
පැනඩෝල් දෙකක් පොවන්න

මඟ හැරුණු දේ බෝමයි
මට තිබුණ ටිකක් හිතන්න...

කොයි තරම් පැන් ලූවත්
මල් පිපෙන් නැති පඳුරක
අපි අහපු අර කතාව
සැබෑ වේ යැයි සිතුණි ද...?

සුදු පැහැ ගැණුනු කෙස් රොද
සසර මඟ සිහි කෙරුණි ද...?
උදුරපු පණු දතක්වත්
කළකිරීමක් දුන්න ද...?

වැඩ වැඩියි ඔලුව විකාර
වචන වරදිනව නිතරම
ඒ උණත් විමලෙ තාමත්
උඹ නිසයි පපුව ගැහෙන්නෙ

ජීවිතේ දුර්ග විමානෙ
බෑ නොකිය කන්ද නගින්න
ආයෙමත් එන්න විමලේ
සාරියේ කට්ට ගහන්න....