මකා හසරැල් තිර පට
නැඟිනි වෛරය ඈ නෙත
කරයි ඇය අභියෝග
වසන්නට සත්‍යය.
අදහන්නට බැරි ය...
මේ මා දුටු ඇයම වග.
බිනූ දහසක් නොවදන්
නොතරම් ය මටසිලිටි නුඹ හට
හදින් ගලනා ලෝදිය
නොතරම් ය මටසිලිටි නුඹ හට
තනමි වටහා ගන්නට
රැඳුණු සත්‍යය ඒ තුල....
ඇති බොහෝ ඇසූ පිරූ තැන්
කියවූ පොත් නොහැර එකක්
මිනිසුන් බොහොමයක් නුඹ වන්
දැක පුංචි පඳුරක්
මහමග පසෙක ඇති
මවා ගෙන මහ ගසක්
සිතා අහුරාවි යැයි මඟ
වනසනු සිතා එය
හැපි හැපි හඬයි ඒ මත...
පුංචිම කුහුඹුවා
දැක එය
සිනාසී පිළිගෙන
යයි ඒ පඳුර මඟහැර
උගෙ ගමන...
එන්න එක දවසක්
අපි යමු අතහැර දමා
මේ සැම...
එක් පාඩමක් ඇත තව
ඉගෙනගන්නට...
පොත පතේ ලියන්නට බැරි වුන.
ඇල දොල ගහකොළ
මදනළ
විතරමයි දන්නේ එය...
ඉගෙන ගන්නා තුරු එය
සම්පූර්ණ නෑ ජීවිතය..
Twitter
Facebook
Flickr
RSS


