Saturday, April 18, 2009

කඳුළු තොටුපළ












කඳුළු තොටුපළින් සමුගෙන යන්නම් 
බිඳුණු සිත පමණක් අරන් 
මටම හිමිනැති සිතක විරහේ 
කඳුළු බර ඇයි මේ තරම්

මසිත තෙත් කළ සිහිල් දිය බිඳ 
සබඳ ඒ ඔබගේ සෙනේ 
පිපාසිත හැම දෙතොලටම නුඹ 
කිමද දිය බිඳුවක් වුණේ

අමාවක සිඳ අහස් කුස සඳ 
නැගෙන්නට පෙර පෙති ලිහා 
කුමුදිනිය නුඹ තරු කොපුල් මත 
හාදු තවරා හිනැහුණා

1 comment:

  1. සිංහල බ්ලොග්කරුවන් අතරට සාද‍රයෙන් පිළි ගන්නවා
    මේ හීන බැලිල්ලත් නරක නැහැ වගේ ;)
    දිගටම ලියන්න
    ජය වේවා ර්!

    ReplyDelete