Wednesday, April 22, 2009

බාල බොලඳ පෙම්වතියට...














යන්න ඔබ.... 
ඉහලටම, ආකහේ ගෑවෙන්න
වලාකුළු අතරින්.... 
සිනාසී මග දිගට හමුවන සැමටම...
බලා ඉන්නම් මම නිහඬවම

මමත් ඔය වගෙමයි... ඉස්සර
ඇහුවෙ නෑ කවුරුවත් කිව් දෙයක්...  

උඩු හුලඟින් ගිලිහී බිම වැටුනම...
පිහදාගෙන කදුළු 
අපි යමු ඇවිදින්න... 
අත්වැල් බැඳගෙන  

පෙන්නන්නම් මම 
පැල්ලම් තවමත් තියනව බිම 
මම වැටුණු තැන්වල.

3 comments:

  1. ලස්සනයි.. ඇත්තටම හරිම ලස්සනයි..
    මමත් ඉස්සර කවුරුවත් කිව් දෙයක් ඇහුවෙ නෑ ...රිදෙන්නම බිම වැටුනම තමා තේරෙන්නෙ..
    දිගටම ලියන්න.මගෙන් සුබ පැතුම්..

    ReplyDelete
  2. බොහොම අර්ථවත් කවි නිසඳැස් කියෙව්වෙමි.ඔබේ ලියැවීම් දක්නට ලැබීම සතුටක් දුටුවිට. තවත් ලියන්න ඔබට සුභ පැතුම්.

    ReplyDelete
  3. "අත්දැකීම්... සතුට... අත්දැකීම්... තුවාල... අත්දැකීම්... ඇද වැටීම්... අත්දැකීම්... හැරී බැලීම්...‍ අත්දැකීම්... ඉතිරි වුණු පැල්ලම්..."

    හරිම අපූරුයි කවිය. අපි හැමෝටම පොදු අත්දැකීමක් කැටිවෙලා තියන හැඩයි.

    (බොළඳකම = අත්දැකීම් අඩුකම) ද?

    ReplyDelete