Friday, May 22, 2009

මරණය









ප්‍රභාකරන් මළ සතුටට
රබන් ගසා කිරිබත් කා
ඒ මරණය අපි කරගත්තා රමණය
හෙට දහසක් ප්‍රභාකරන්ලා උපදන.

උතුරට යන නෑදෑ ගමනුත් අතහැර
කුසගින්නේ මියෙන්න ඉඩ දී කොටිකැළ
පිට කෙරුවා තිස් වසරක් බැඳි වෛරය
දකුණ පුරා දන්සැල් දී මඟ දිගටම

කොටි මරන්න දළදාවට වුණ භාරය
ඔප්පු කරන්නට යනකොට කිරිබත් ගෙන
දන්ත ධාතුවත් අරගෙන හොර රහසෙම
පූජාසනයෙන් බැසගොස් ඇත හිමිසඳ.

2 comments:

  1. ඔහුගේ මරණය මට නම් රමණයටත් වඩා වටී.

    ReplyDelete
  2. උගෙ මරණය විතරක් නෙව
    හැම මරණෙම විපතක් මය
    උඩපැන සතුටින් නැටුවේ
    කොටි තඩියගෙ මරණෙට නොව!

    පර සුද්දන් ආ දා සිට
    අපෙ රට මත තව ගෙන යන
    මහ මගඩිය අවසන් වන
    ඇරඹුම මෙය මයි සකිසඳ

    මගෙ මෑණිගෙ ගෙළ මත ඉඳ
    ලේ බිව් ජඩ පරපුටු රැළ
    නැවතුන දා නො ඉදෙන බත
    කිරිබත් උව මට මොකටද?

    ReplyDelete