Saturday, May 23, 2009

රතිඤ්ඤා වෙළෙන්දාගේ උදාන වාක්‍යය
















මෙදා අවුරුද්දත්
අන්තිම සවුත්තුයි.
එකෙක් නෑ හරි හමන්
රතිඤ්ඤා අර ගත්තු.

අනේ එක පාරටම
පාත්වුණ ඉල්ලම
කියන ගානට ගන්න
ඒවි උන් පෝලිමේ.

ප්‍රභා තව බොහෝ අය වාගේම
උඹ නිසා ගොඩ ගිය
තව එකෙක් තමා මම.

අඹු දරුන් කුසගින්නෙ හඬන විට
උඩ බලන් හූල්ලපු මට
උඹ තමා වසන්තය ගෙනාවේ.

ඒත්...
එකදු එක රතිඤ්ඤාවක්වත්
පත්තු කළේ නෑ මම
උඹ මළ සතුටට...

7 comments:

  1. හරියටම හරි. මේ හැම දෙයක් යටම තියෙන්නෙ බිස්නස් විතරයි. අපේ මිනිස්සුන්ට තාම ඒක තෙරෙන්නෙ නෑ. තව රතිඤ්ඤා කරයෝ දහස් ගානක් මඩිය තර කර ගත්තට පස්සෙ තමයි අපිට තේරෙන්නෙ අපි නියම ඇඳ ගැනිල්ලක්නෙ ඇන්දෙ කියල.

    ReplyDelete
  2. සැබැ සිහලුන් මේ මොහොත
    නොදකිවි මේ අයුරින්ම
    නොසිතන්නේ කිමද
    මේ මගේ සතුට බව.

    ReplyDelete
  3. අපූරු පැදි පෙළ. :)

    ReplyDelete
  4. ඇත්තම ඇත්ත‍.. මුල්ම කමෙන්ට් එකත් එක්ක මම සම්පූර්ණ එකගයි!

    ReplyDelete
  5. මහින්ද යුද්ධෙ ඉවර කළ එක ඇත්ත. ඒත් ප්‍රශ්නෙ ඉවර කරලා නෑ. ඒක තවත් උග්‍ර වෙලා තියෙන්නෙ. මහින්ද කලේ සිංහල ජාතිවාදය අවුස්සන එක විතරයි. දෙමල මිනිස්සුන්ට දැන් කිසිම සරණක් නෑ කියල තමයි මහින්ද ඔප්පු කරන්න යන්නෙ.
    මහින්දටයි, අපේ බහුතර සිංහල ජාතිවාදීන්ටයි අමතක වුණු දේ තමයි 30 අවුරුදු යුද්ධෙ ඉවර කරලා අපි රට ගෙනත් තියෙන්නෙ එදා තිබුණු තැණටමයි.
    අපේ ආණ්ඩුවලට බැරි උණොත් ඔප්පු කරන්න අපි දෙමළ මිනිස්සු එක්ක අත්වෙල් බැඳගෙන ඉස්සරහට යන්න සූදානම් කියලා අපි ඉතිහාසේ යන දරුණුම තැනට තමයි රට යන්නේ.

    ReplyDelete
  6. දෙමළ යනු තවත් එක් ජාතියක් පමනෙකි. ඔවුන්ට වෙනම කිසිදු දෙයක් ඩීමට අවශ්‍ය නැත. මුස්ලිම් මිනිසුන් සේම ඔවුන්ද මහජන චන්දයෙන් පැමිණ රටේ සාමාන්‍ය දේශපාලන ප්‍රවාහයට එක් විය යුතුය.

    ReplyDelete
  7. පේමට් එකේ ඉඳලා උඩහටම මේදවස්වල විකුනන්නේ ඕක. ඔය ඉල්ලුම නැති උන දාට මොකක් වෙයිද මන්දා

    ReplyDelete