Monday, May 25, 2009

සිංහ කොඩිය



















දෙමළ, මුස්ලිම්
වෙන වෙනම කූඩු කර
කඩුවක් අතට දී
තබා සිංහයෙක් එහි මුරට
නුඹයි මුල පිරුවෙ ජාතිවාදයට
මේ පුංචි සිරිලක් බිම.

10 comments:

  1. ලස්සනට ලියලා තියේන පිස්සු මතයක්

    ReplyDelete
  2. එදා මෙදා තුර සිංහයා සුලුතරයට පෙන්නුවේ තමන්ගේ හයි හත්තියයි,
    කඩුවක් අමෝරා සුලුතරයට කියන්නේ තොපි පරිස්සමෙන් හිටපල්ලා කියා වැනිය, නමුත් කඩුවක් අතට ගත් සද සිංහයා සිටින්නේ කකුල් 3න් බව ඌ නොදනී...!

    ReplyDelete
  3. දැන් බැලුවහම ඔක්කොටම මුල සිංහ කොඩිය. සිංහයත් එක්ක කොටියෙකුත් දම්මනම් තවත් හොදයි. එතකොට ඔය අසනීපෙ හොදවෙයි. එල්ලෙන්න දේවල් නැති වුනහම මොකක හරි එල්ලෙන්න හදන්නෙ. තමන්ගේ ජාතියට ආදරයක් නැත් එවුන් අනිත් ජාතීන්ට ආදරය කරයිද

    ReplyDelete
  4. සැබවින්ම ජාතිවාදය ඇවිසවුවේ මේ කොඩියවත්,රාජ්‍ය භෘෂාවවත් කිසිවක් නොව දේශපාලන බලයට කැදරවු දමිල සහ සිංහල දේශපාළුවන් නිසාය.
    එවගේම කවුරැ හරි හිතනවද ඔතනට කොටියෙක් දාලා,ජාතික භාෂාව දමිල කරාම මේ ඔක්කොම හරියයි කියලා ඉන්දියාව වැනි ප්‍රබල බහුවාර්ගික රටකට දෙවියන්ගේ පිහිටමය.

    ReplyDelete
  5. @නුවන් චින්තක...දන්නෙ නැත්නම් දැන් දැනගන්න... සිංහයා කඩුව ඔසවාගෙන සිටීමෙන් නිරූපනය වන්නේ රටේ පාළකයා සියළු ජාතීන්ට සාධාරණය ඉටු කරන බවයි. කොඩිය නෙමෙයි ජාතිය බේද කරේ.. @ සසික, ඔබ සමග 100% එකඟ වෙමි. කාටත් අමාරුව අපේ සංකේත ගැන විතරයි. පිටරැටියෙක් කිව්වානම් සමාවදෙන්න තිබුනා නොදන්න කමට කිව්වා වෙන්න ඇතිවත් කියලා හිතලා... අපේ රටේ මිනිස්සු විතරයි වෙන්න ඇති මේ වගේ තම්න්ගෙ ජාතික කොඩියට සහ රටට ජාතියට අපහාස කරන්නෙ...

    ReplyDelete
  6. සංඥාත්මක දෙයක් තුලින් විද්‍යමාන වන අරුත එය දකින්නන් විවිධ ලෙස අර්ථකතනය කල හැක. පහ වසරේදී ගුරුතුමිය සිංහ කොඩියේ විවිධ අංග තුලින් දැක්වෙන අරුත් කියාදුන්නට වඩා වෙනස් ලෙස එය කෙනෙක් දකී නම් එය පාපයක් යැයි මම නොසිතමි.
    මූලිකවම සිංහ කොඩිය ජාතිවාදය ඇති කළා යන්නට මම එකඟ නොවනන් මුත් කවියා එවැන්නක් කීමට උත්සාහ කර ඇති වගක් මට නොවැටහේ.
    ඔබ වටකර ඇති රාමුව තුල සිර නොවී ඉන් ඔබ්බට දකින කෙනෙකු ලෙස මම කවියාව අගයමි.
    නමුත් මෙය ඔහුගේ අගනාම නිර්මානයක් ලෙස මම නොදකිමි.

    ReplyDelete
  7. සිංහයා වාඩිකරවල උගේ දකුණු අතට කඩුව දීල වම් අතට තරාදියකුත් දීල උගේ ඇස් කලු රෙදි කඩකින් බදිමු හැඩට තියෙයි අර්ථවත් කමත් වැඩියි නේ

    ReplyDelete
  8. කවිය ලස්සනයි. ඒත් අදහස කැතයි. මෝඩයි.

    ReplyDelete
  9. හොඳ අදහසක්!!!

    ReplyDelete
  10. මෝඩ කමට ලියපු ගොන් අදහසක් ,පව් අනේ....

    ReplyDelete