Thursday, June 18, 2009

මධුසමය...
















දුහුල් තිරෙන් එබී
මුවෙක් වගේ බියෙන්
බලන්නෙපා සඳේ
මගේ දිහා ඉතින්

නොදන්න බව සැබැයි
අප අප ගැන සොඳින්
දෙමාපියන් සිතුම්
ඉටුකළ උන් මිසක්

මඟුල් මුදුව අතේ
පැලඳුව මුත් ළඳේ
නුඹ නිදහස් තවත්
කිරිල්ලියක් වගේ

ආගන්තුක සිතක්
හඳුනන්නට සොඳින්
කාලය තව බොහෝ
අවශ්‍ය බව දනිම්

එහා කොනේ ඇඳේ
සැතපෙන්නම් මමත්
ඉවත බලන් වුවත්
නිදන්න නුඹ තුටින්

2 comments:

  1. සිතුවිල්ල පැහැදිලිවම නිර්මාණාත්මකයි ! සිදුවීමට අදාල ගීත ගොන්නක් සිහිගැන්වෙනවා ඒ හැම ගීතයකම මේ චරිත 2න ඡිවත් වෙනවා ඔබ දක්ෂ ලෙස පණ පොවා තිබෙනවා !

    ReplyDelete