Sunday, July 26, 2009

මම මලක් තමයි














මම මලක් තමයි
නුඹ කී දේ සැබැයි.

සුවඳ විඳ ඇති තරමට
ඉවත ලූ පෙති පොඩි කර.
මම මලක් තමයි.

නුඹේ නමටම පෙම් කර
තවම හඬනට නොහැකිව
පොලව පස් යට මියදෙන
මම මලක් තමයි.
නුඹ කී දේ සැබැයි.

අන් මල්වල සුවඳ
විඳ විඳ පිනන නුඹ දැක
තවම කඳුලක් නොහෙළුව
මම මලක් තමයි.

හිත රිදවුණු විටෙක
මා අසලට වී හඬන
මා නොහඬන කරුණු විමසන
නුඹට....
නුඹට වෙර නොබඳින
මම මලක් තමයි.
නුඹ කී දේ සැබැයි.

3 comments:

  1. හිමි නැති වගත් දැන දැන
    පෙම සොයා පසුපස යන
    ම්නිසුන් අනන්ත ය.
    මේ බිම මත.
    උන් නමට කවි ලියන මිනිසුන්ගෙ
    සිත් පුරා තියෙන්නේ තෙතමනය.

    මම උඹේ හැමදාම දිටිමි එය.
    නුඹ සදා පරදිනා උන් ලඟය.

    ReplyDelete
  2. I dnt knw how to type in sinhala.but this is great."mama malak thamai"

    ReplyDelete
  3. kisi daka
    nuba nokeewath man malak waga
    pathuwath....mama
    nube mala wannata..
    akapa waga danunu pasu
    nube..,
    mala wannata...
    nikma yami
    nubema
    mala nuba ta dee....

    namuth..
    mama danimi
    mama
    malak waga....

    Erandi K.

    ReplyDelete