Thursday, August 20, 2009

බාල සඳ...



මළ බාල සඳ ගැන
කවි ලියූ දුදනන්ට
අවි පෙන්වූ දනන් ය
දේශාභිමානයෙන් මත් වූ.
 
"මිය ඇදුනු සිංහළුන්
ගැන කවි නොලී උන් හට
ජාතියේ ශාපය
උරුම කරනට තැතනූ."
 
"හිමි සාමනේර වරු
මිය ඇදෙන විට තැන තැන
ගොළුව ගිය - අත ඇති
පන්හිඳ ගැනම මිමිණූ."
 
බිණු දහසක් මුව මැද
ගොලුවුණ එක මුවක් විය.
මළ පුතු ගැන තැවෙන
නුඹ සැම තවම නුදුටූ...
 
-----------------------------

යුද බිම මළ පුතුටත්
බාලචන්ද්‍ර පුතුටත්
දෙපියවුරෙන් කිරි දෙන...

හෙට උපදින
බාල සඳට
සිය කුස තුල 
උපදින්නට
ඉඩ කඩ දෙන....
එපමණ නොව
උපදින අප සැම පුතුණට
කිරිමව වන....

-----------------------------

හවසට ගෙට ගොස්
බෙදා අතට දෙන
බත් පත වලඳන
සිහල පුතණුවනි...

උයා කන්න දෙන
ඇගේ දෙපා වැඳ
සමාව ගත් යුතු
නොවේද තොප සැම.

1 comment:

  1. බාලචන්ද්‍රන්ට කිරි දුන්නු දේශද්‍රොහියෝ හින්දා තමයි රට මේ තත්වෙට වැටුනේ.

    ReplyDelete