Friday, December 4, 2009

(ස්වා)දීන රූපවාහිනී














සවසට බලන විට
ලේ කිළි පොලන දසුන් ය.
සිංහල පද අරුත්
පෙරලූ උමතු යකුන් ය.

රෑට යයි 'තුලාව'
තරාදිය එක් පසක් හිස්වම
එය මෙහෙයවන්නෙ
ආසන සංවිධායක.
පැය ගනන් කහිමින්
මිහිඳු ගුණ කඳ දමයි වමනය.

ඊට කලියෙන් ප්‍රවෘත්ති
නිලෙන් ඇස් ගෙඩි උගුලන
'අපි නොදන්න ලයිව්' මෙන්
මිනිසුන් හිනා ගස්සන.

ඊලඟට 'විපරම'
හෙළුවෙ ලස්සන පෙන්නන.

'පාමන්කඩ', 'මැදවච්චිය'
දිනකට සත්වරක් කියවන
'තොප්පිගල කැලේ' සිටි
අලින් විතරක්ම පෙන්වන.

අලි වල්ගෙම එල්ලෙන්න
අපට උල්පන්දම් දෙන
පාරාවලල්ලක් වුණ
දීන හෙළුවාහිනිය.

12 comments:

  1. මේ වාගෙම තමයි
    කිසිම වෙනසක් නෑ
    සමහර (ස්වා)දීන බ්ලොග් අඩවි
    හෙළුවමයි පෙන්නන්නේ

    ReplyDelete
  2. maxxxxxxxxxaaaaaaaaa

    ReplyDelete
  3. නියමයි. විශිෂ්ඨයි..! හරියටම හරි. දැන් ඒක මොකෙකුටවත් බලන්න බැ.

    ReplyDelete
  4. නියම වචන ටික , හෙළුවාහිනිය ඔන්න කියාපු නම

    ReplyDelete
  5. (ස්වා)දීන, ජාතික එක මොන සතෙක්ටවත් බලන්න බැහැ.

    ReplyDelete
  6. ස්වාධීන සහ ජාතික රූපවාහිනී බලන්න පුලුවන් අන්තවාදින්ට පමණයි. මධ්‍යස්ථ අෙයකුට බලන්න පුලුවන් ෙදයක් වත් නෑ. මිනිස්සුන්ට බෙලන් අාණ්ඩුෙව ෙහාරණෑවන් අස්සවනවා.අැයි ෙම් ෙහංචයියන්ට ටිකක්වත් ප්‍රජාතන්ත්‍රවාදී ෙවන්න බැරි?
    රාජ්‍ය මාධ්‍යෙව්දිෙයා අන් මත අයෙග මාධ්‍ය සාකච්ඡා වලට යන්ෙන වරදින තැන් ෙහායල ඒ්වා ප්‍රචාරය කරන්න. ෙම් අය දන්ෙන නැතිව අැති වරුද්ධ අය බලයට අාෙවාත් රස්සාෙවන් ෙදාට්ට යන්න ෙවනව කියල. හැම දාම තමන්ෙග අයම යලෙය් ඉන්නව අැති කියල හිතනව අැති. වර්තමාන රාජ්‍ය මාධය බලන්න හිරිකිතයි. පුවත් මවල ජනතාව අන්දවනවා. අැයි ෙදපැත්ෙතම ෙද්වල් ෙපන්වන්න බය. අාණ්ඩුෙව උන් ෙමච්චරටම බලයට කෑදරද.

    ReplyDelete
  7. මගේ ඇන්ටි කෙනෙක් ඉන්ව බලන්නෙම අයිටීඇන් එකමයි. බබා ඝෙ ඉඳල පබා දක්වාම.

    අපේ අම්ම සිරස ලෝලිය.

    මේ දෙන්න එකිනෙකාට සමච්චල් කරගන්න හැටි අහන එක අපිට හොඳ ටී.වී.

    කතන්දර

    ReplyDelete
  8. නියමයි අැත්තම තමා ITN ඒෙක් බලන්න කියලා කිසිම ෙදයක් නැ
    තනිකරම අාණ්ඩුවෙ පල් හෑලි තමා ෙමික විතරක් බලන අයට කවදාවත් අැත්තනමි දැනගන්න ෙවන්ෙන නැ

    නියම අදහස් ටික

    ReplyDelete
  9. ඇත්ත ම කියලා තියෙනවා

    ReplyDelete
  10. අපි නම් ඔය කෙහෙල් මල් චැනල් දෙකෙන් - (ස්වා) දීන, (ප)ජාතික - එකක් වත් දාන්නෙම නෑ...ටී වී එකේ power කියලා button එකක් තියෙන්නෙ අපට බලන්න ඕන නැති වෙලාවට ඒක නිමලා දාන්න..!

    ReplyDelete
  11. ඒක ආන්ඩුවේනෙ බොලන් එතකොට ස්වාධිනයි කියන සිරස ගෑන කවි ලියන්නේ .ඔබ තුමා මොකද කියන්නේ

    ReplyDelete