Monday, February 1, 2010

ජන හඬ ගොළු විය....



















ඉර අවරට විය
ජන හඬ ගොළු විය....

සඳ තරු බැඳගෙන
උන් යකු ගොරතර
රවටා දන මන
කළ රඟ මගඩිය...

මහ මග යන එන
කඩ පිල කන බොන
නැගෙනා දන හඬ
නැතිනම් අවසන
වරදක් ඇත එහි
විමසිය යුතු සැම

අතකින් යුක්තිය
අතකින් නීතිය
ගෙන නටනා මේ
උමතු නැටුම් සැම
නිම වෙද කෙදිනක...

ගුගුරා අහසින්
පුපුරා පොලොවින්
එන විට තරහින්
යුක්තිය විසඳන
දෙවියන්....

තව සිය වසරක
ඔටුන්න වෙනුවෙන්
අල්ලස් දෙන්නට
තනයිද රජිඳුන්....

2 comments:

  1. සුදාර මේ කියන්නේ ඉවර වෙච්ච ජන්දය ගැන නම් මම 100% ක්ම එකඟ නෑ ඔන්න.
    ;(


    /බිඟුවා...!

    ReplyDelete
  2. සුදාර මිනිස්සු පෙන දෙ ගන්නවා. එදා 1999 වගෙ මෙදාත් මිනිස්සු රැවටුනා. බලන්න කො වෙන දෙ තව අවුරුදු කිපයකින්. මටත් දුකයි. මගෙත් රට තමයි. නමුත් බහුතරයකගෙ කැමැත්ත.

    ReplyDelete