Monday, September 6, 2010

වෙසඟන....

  

මතකය අතර සිරවී....
එබෙයි යළි යළි - පතුලටම සිත....
 
පොලවේ ගසා - පොඩිකර
කුනු ගොඩට - විසිකර
තැබූවෙමි ගිණි කූරක්
නිම කරන්නට - මේ කරුමය...
 
අනේ ආයෙත් ඇවිදින්...
මගේ යහනට - නිදන බිරිඳට නොපෙනී
අත ගායි හිස....
 
එක දවසක වෙනසකට
අතිනුත් මුදල් දී
සින්නක්කරම
ගත් හැටි
මම මේ දවන මතකය....
 

2 comments:

  1. ජීවිතේ සමහර දේවල් තියනවා කළාට පස්සෙ කවදාවත් බැහැ හිත හදාගෙන පරණ තැනට එන්න.

    ReplyDelete
  2. දවන මතකත් සුන්දර යි

    ReplyDelete