Friday, May 22, 2020

කවියෙකුට පෙම් බැඳ...!


නින්දා කළල් ගොහොරුව
කර වටක් ගිලී මියැදෙන මට
කුමකට ද?
නුඹේ සියුමැලි කවි පද
සිත දවන.....

නෙලාගෙන සියපත
මඟ බලා සිටි මට
නුඹේ සුසුමට වැඩි
බරක් තව කොයි වෙද?

පෝරුවට කළියෙන්
යහනට පා තැබූ මට
සවි නෑ ඇවිද යන්නට
තව දුර...
ඉරී පොඩි වී ගිය
පෙති බරයි දැන් නටුවට

තාරුකා එළියෙන්
මග සොයන්නට තබා ඉඩ
නුඹම  මිස කවුරුද?
නිවා දැමුවේ පහන් සිල

රස කවි පද අතර
යොදා උපමා රූපක
කෙසේ සඟවා තබමිද?
ජීවිතේ කළුවර
කඳුළු වල සීතල

1 comment:

  1. මා සුසුම් සැනසුම් සුසුම් ලෙස
    හිදී නිතරම වෙස් වලාගෙන
    පද පෙලින් පෙල ලියව ගිලිහෙන
    පෙනේ පිටතට මිහිරිව.
    එහත් හිතවත ඒ එසේ නැත
    සුසුම් සහ කවි පද කියන්නෙම
    අමුතු සගයන් වෙසෙසෙක
    එකිනෙකා හට දර ලබා දී
    එකිනෙකා මත ගිනි අවුලුවන

    ReplyDelete