Monday, August 23, 2010

කූඩුව


අනූශාට කියන්න තරහා නම් නෑ මම
ඉස්සර වගෙ ආදරයෙන් කතා නොකෙරුවට
නුඹත් වැරදි කළා තමයි.
මමත් නිවැරදී ම නොවෙයි.
ඒත් ඉතින් හැළුනු කිරට හඬා ඵලක් නෑ.

මමත් නුඹ වගේම තමයි.
හිත පුරවන් මහා පැතුම්
තනා ගත්තෙ මේ කූඩුව.
යන එන කන බොන හැමතැන
හිස තියාන ඒ කූඩුව
මම යන්නේ ගමන් බිමන්

අද බලද්දී ජීවිතයම
මහා බරක්.

අද නුඹ ලඟ තමයි අනූ
ඉස්සෙල්ලම
බිමින් තිබ්බෙ මම ඒ බර.

ඒකයි ලොකු සැහැල්ලුවක්
වගේ දැනුනෙ මගේ සිතට.

ඉස්සර අපි අත් බැඳගෙන
මාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලයෙ
වගේ පෙමක් නොදැනුනාට
මට දැනුණා සැහැල්ලුවක්.

ඒ උණාට අද හවසට
මම යන්නේ
හිත පුරවන් තවත් බරක්.

1 comment:

  1. වැරදි කිරීම දෙව ගතිය්ක් ඒවට සමාව දීල ආයෙත් එයාලටම වඳින එක මනුස්ස ගතියක් නෙව.....

    ReplyDelete