නින්දා කළල් ගොහොරුවකර වටක් ගිලී මියැදෙන මටකුමකට ද?නුඹේ සියුමැලි කවි පදසිත දවන.....නෙලාගෙන සියපතමඟ බලා සිටි මටනුඹේ සුසුමට වැඩිබරක් තව කොයි වෙද?පෝරුවට කළියෙන්යහනට පා තැබූ මටසවි නෑ ඇවිද යන්නටතව දුර...ඉරී පොඩි වී ගියපෙති බරයි දැන් නටුවටතාරුකා එළියෙන්මග සොයන්නට තබා ඉඩනුඹම මිස කවුරුද?නිවා දැමුවේ පහන් සිලරස කවි පද අතරයොදා උපමා රූපකකෙසේ සඟවා තබමිද?ජීවිතේ කළුවරකඳුළු වල සීතල
Friday, May 22, 2020
කවියෙකුට පෙම් බැඳ...!
Wednesday, May 13, 2020
මිතුර
මල් පෙති ලිහෙන පරවෙන මහවැලි ඉවුරේමළ හිරු නිවුන හන්තානේ මද අදුරේහිත් ඉරිතලන ඉකිලන මතකය අතරේසුව නින්දක නිදන මා පෙම්බර මිතුරේතරුකැට වගේ දිදුලණ නෙත් යුග ගානේමල්වර හීන ගිලිහෙන මොහොතක් ගානේදිරියෙන් ජීවිතේ හැදිනූ මිතුරානේසන්සාරේ දුකයි අත් ගිලිහෙනවානේ...!නැති වැඩි කතා නුඹෙ වෙහෙසුනු මුව මඩලඅදටත් පෙනේ හමුවන මිනිසුන් අතරමහ ගිරි කුළක මුදුනක තැබු පා ලකුණතවමත් සොයමි විසිරුණු මතකය අතරඅන්තිම වතාවෙදි හමු වුණ සැදෑවකයන්තම් වගේ මතකයි හඩ කතාවකකවියක පොතක විසිරුණු දුම් වලල්ලකඅමුණනු කෙළෙස මිතුරේ ජීවිතේ දුකගිලිහුණු සිහිනයක කදුලක තෙත දැනෙනඅත දිග නැති දුරින් ඉද දුක සැප අසනදුවෙකුට සුවද දෙන පෙති විදහා නැගෙනපියෙකුගෙ මතකයත් තරුවකි මග කියන
Thursday, January 30, 2020
විමලේ.......
වැඩ ඇරී ගෙදර ආවමතේ එකක් ළඟට ගේන්නහිසරදේ හැදී නිදද්දිපැනඩෝල් දෙකක් පොවන්නමඟ හැරුණු දේ බෝමයිමට තිබුණ ටිකක් හිතන්න...කොයි තරම් පැන් ලූවත්මල් පිපෙන් නැති පඳුරකඅපි අහපු අර කතාවසැබෑ වේ යැයි සිතුණි ද...?සුදු පැහැ ගැණුනු කෙස් රොදසසර මඟ සිහි කෙරුණි ද...?උදුරපු පණු දතක්වත්කළකිරීමක් දුන්න ද...?වැඩ වැඩියි ඔලුව විකාරවචන වරදිනව නිතරමඒ උණත් විමලෙ තාමත්උඹ නිසයි පපුව ගැහෙන්නෙජීවිතේ දුර්ග විමානෙබෑ නොකිය කන්ද නගින්නආයෙමත් එන්න විමලේසාරියේ කට්ට ගහන්න....
Saturday, September 14, 2019
ජීවිතය
තාමත් තරුණ හිත යටහිමින් ගොණු කර තියාහසරැල්ලක පහස....දල්වාගෙන නෙත් පහනබලා ගෙන ඉඳ ඇඳ ළඟකළුවරට ඉඩ දී නුඹ යයිපුතු අතින් එල්ලාගෙන....
නොහලා එකම කඳුලක්මට පෙනෙන්නට..
හැමදාටම නුඹ ළඟ - ගොළුයි මමකියා ගන්නට බැරිවසිව් වසකින්;තිස් වසරකට ගොණු කලමගේ කවි...
ගෙන දී වේදනා..හිස යට වැඩෙන මස් දලුතෙරපන විට නහර....නුඹ වුවණ - පුතු මදහසසිහින් එළියක් පෙන්වයිකළුවරම මේ ඉම තුළ.
සසර මඟ වල් වැද සිටි මට...නුඹ දෙපල මිසකවුරුන්ද.....?පෙන්වූයේ පහන් ටැඹ
හැමදාම හවසටනුඹ ගිය පසුඇවිදින් ඇඳ ළඟටතනි රකියි මරණයකතා කරයි - යන්න...වේදනා නැති ලොවකට
සිහිව....හෙට උදේ ඇඳ ළඟට එන නුඹ නෙතවිදිමි මේ වේදනා තව තවනැත හඬන්නට කාරනනුඹ වුවණ - පුතු මදහසසිහින් එළියක් පෙන්වයිකළුවරම මේ ඉම තුළ.
Thursday, May 16, 2019
පාඩමක් ඇත තව, පොත පතේ ලියන්නට බැරි වුන

ඇති බොහෝ ඇසූ පිරූ තැන් - කියවූ පොත් නොහැර එකක්
මිනිසුන් බොහොමයක් නුඹ වන්
මහමග පසෙක ඇති - පුංචි පඳුරක් දැක
මවා ගෙන මහ ගසක්
සිතා අහුරාවි යැයි මඟ
වනසනු සිතා එය
හැපෙයි ඒ මත...
පුංචිම කුහුඹුවා - දැක එය
සිනාසී පිළිගෙන
යයි ඒ පඳුර මඟහැර
උගෙ ගමන...
එන්න එක දවසක
අපි යමු අතහැර දමා - මේ සැම...
එක් පාඩමක් ඇත තව ඉගෙනගන්නට...
පොත පතේ ලියන්නට බැරි වුන.
ඇල දොල ගහකොළ
මදනළ
විතරමයි දන්නේ එය...
ඉගෙන ගන්නා තුරු එය
සම්පූර්ණ නෑ ජීවිතය..
Wednesday, December 5, 2018
ආපසු හැරී බැලූවෙමි මම....
තරඟයට වැද....ගිණි ගැණුනු බිමගිමන් බිඳකුදුනොලද්දෙමි මම....ඇඟිලි අතරින්සෙමින් ගිලිහී..බිමට වැටෙනාබොහෝ දෑ මැදනුඹත් මාගෙන්මිදී ගොස් වගමෙතක් වනතුරුනොදුටුවෙමි මම....හෙටත් ආයෙත්පායන්න සඳ....මටත් බිඳුවක්සිනා අරගෙන....මග වැටී බිමමියෙන්නට යනපුංචි කුමුද්දඅහුලගමි මම....
Saturday, August 25, 2018
අසම්මත පෙම
අසම්මත වෙන්න ඇති
සම්මතය බිඳ දමාපටලවා ගත් නිසා අපේ අත්.....
ඒ වුනත්...සම්මතය රැකගන්නබිඳගත්තෙකවුරුන් දසෙනේ සිත්.....
Wednesday, May 16, 2018
සමුගැන්ම.....

සාර සියක් ගව් දුර අහස දිදුලනනීල තරු එළිය නුඹ සිතට කොඳුරනදෑල දෙකෙලවර හිස් අහස එක් කළඈත මිරිඟුවද ප්‍රේමය දළුලනබාල වදන් විස කටු ඇනී වණ වුනපාළු සිත රිදෙන තැන් සොයා සනසනවාරු දී සිතට ජීවිතය පවසනනීල නෙත් හඬන රැයකටද ඇරයුමපාළු මකන්නට ඉඩ තබා ඇඳුරටඈත හිරු ගිලෙන විට ගාලු මුවදොරහීන පැතුම් පුරවා හදේ ඉකිලනප්රේමය කිමද ඵල හිත යටම ගොලුවුනහාදු තබා පැතුමක ඉරුණු කෙලවරදෑස පිරුණු කඳුළු බිංදු සඟවානයළිදු හමුනොවන වග හොඳින් දැන දැනකෙලෙස සමුගමිද සිත තබා නුඹ ළඟ
Tuesday, March 10, 2015
මිරිඟු පෙම
සිත් පිල්කඩ ඔබ නැවතීසිනාසෙයි දොඩමළු වෙයි.ඔබ එනතුරුදොරගුළු හැරපිල් දොර ලඟබලා සිටි සිතට දැන් වෙහෙසයි.ඇත්තමයිමට තිබුණෙඔබ ඇවිත් තට්ටු කරනා තුරුමදොර නෑර ඉඳින්නයි.
Monday, September 3, 2012
ගොවි පුතාගේ අඬහැරය
ජාතියේ මහා රජුදෙපා මුල දණ හොවාගොවි පුතා ඉකි ගසා වැලපුනා.මදුරු මැසි කැල වැදීඋලා කෑ වසන්නේකැබැලි පෙන්නමින් ඔහු වැලපුනා.ණය දුන්නු උතුමන්ගෙපොලු පහරවල් වැදුනුදෙපා පෙන්වමින් ඔහු වැලපුනා.
රටම සශීකයැයිකට දෙඩූ ඇමතියන්උනුන් මුව බලාගෙන ගොලුවුනා
"ගොවි තැනට යෙදිය උත්තේපුෂ්ටිමත් මිනිසුන්ම පමණක් ය."පුරෝහිත රජු කනටකර හිමින් පැවසුවා."නැති ප්‍රශ්න මවා දෙනවැරදි මත පතුරුවනමූ දේශ ද්‍රොහියෙක්"මුර ඇමති අඩු යමක් එක් කළා
පස්වනක් ප්රීතියෙන්පිනා ගිය රජතුමාසුදුසු කර්මාන්තේ පමණක්ම යෙදෙන්නටගොවි පුතුට අණ කළා.දේශයට ද්‍රෝහි වීවැරදි කර්මාන්තේ යෙදි පවටවිසි වසක් දඟ ගෙටත්යොමු කළා.
Subscribe to:
Posts (Atom)