ජාතියේ මහා රජුදෙපා මුල දණ හොවාගොවි පුතා ඉකි ගසා වැලපුනා.මදුරු මැසි කැල වැදීඋලා කෑ වසන්නේකැබැලි පෙන්නමින් ඔහු වැලපුනා.ණය දුන්නු උතුමන්ගෙපොලු පහරවල් වැදුනුදෙපා පෙන්වමින් ඔහු වැලපුනා.
රටම සශීකයැයිකට දෙඩූ ඇමතියන්උනුන් මුව බලාගෙන ගොලුවුනා
"ගොවි තැනට යෙදිය උත්තේපුෂ්ටිමත් මිනිසුන්ම පමණක් ය."පුරෝහිත රජු කනටකර හිමින් පැවසුවා."නැති ප්‍රශ්න මවා දෙනවැරදි මත පතුරුවනමූ දේශ ද්‍රොහියෙක්"මුර ඇමති අඩු යමක් එක් කළා
පස්වනක් ප්රීතියෙන්පිනා ගිය රජතුමාසුදුසු කර්මාන්තේ පමණක්ම යෙදෙන්නටගොවි පුතුට අණ කළා.දේශයට ද්‍රෝහි වීවැරදි කර්මාන්තේ යෙදි පවටවිසි වසක් දඟ ගෙටත්යොමු කළා.







