ඉර අවරට විය
ජන හඬ ගොළු විය....
සඳ තරු බැඳගෙන
උන් යකු ගොරතර
රවටා දන මන
කළ රඟ මගඩිය...
මහ මග යන එන
කඩ පිල කන බොන
නැගෙනා දන හඬ
නැතිනම් අවසන
වරදක් ඇත එහි
විමසිය යුතු සැම
අතකින් යුක්තිය
අතකින් නීතිය
ගෙන නටනා මේ
උමතු නැටුම් සැම
නිම වෙද කෙදිනක...
ගුගුරා අහසින්
පුපුරා පොලොවින්
එන විට තරහින්
යුක්තිය විසඳන
දෙවියන්....
තව සිය වසරක
ඔටුන්න වෙනුවෙන්
අල්ලස් දෙන්නට
තනයිද රජිඳුන්....







